සත්පුරුෂ ගුණ දහම් ඇති කරගනිමු.෴


සාමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි තමා ඉස්මතු කරල කල්පනා කිරීමත් අන් අය පහත් කරල කල්පනා කිරීමත්, තමා හොඳ කෙනෙක් කියල කල්පනා කිරීමත් අන් අය නරක අය කියල කල්පනා කිරීමත්, තමාගේ හැකියාව කල්පනා කිරීමත් අනුන්ගේ නොහැකියාව කල්පනා කිරීමත්, තමාගේ දියුණුව කල්පනා කරනව අනිත් අයගේ නොදියුණු කම ගැන හිතනව. තමාගේ වටිනා කම ගැන කල්පනා කරනවා. අනිත් අයගේ නොවටිනා කම කල්පනා කරනව. මේ සාමාන්‍යය මනුෂ්‍යයාගේ ස්වභාවය. නිතරම තමන් උසස් කෙනෙක් විදිහට පෙනී හිටින්ට තමයි කැමති. අන් අය තමන්ගේ යටතේ තියා ගන්ට කැමැත්ත තමයි තියෙන්නෙ.

ඒ වගේ අදහස් අපිට බලවත්ව ඇති වුනොත් අපි අතර අසමඟිය විතරයි ඉතුරු වෙන්නෙ. අසමඟියක් ඇති වුනොත් අපිට ලැබුන ලාභය අහිමි වෙලා යන්ට වැඩි කාලයක් යන්නෙ නෑ. කෙනෙකුගේ අඩු පාඩුවක් දැක්කහම ඒක ප්‍රමාන කරල, එයා ගැන පූර්ව නිගමනයක ඉඳල, එයා මෙවැනි කෙනෙක් කියල තීන්දුවකට එන්ට එපා. තමාගේ ගුණ දකිමින් අන් අයගේ අගුණම දකිමින් තමා ඉස්මතු කරගෙන අන් අය හෑල්ලු කරන විදිහේ චරිත බවට පත් වෙන්ට එපා. ඒක දුරවල චරිතයක්.

අපි බලවත් චරිතයක් බවට පත්වීම පිණිස කළ යුත්තේ අන් අයගේ හොඳ දැකීමත් අන් අය හැම කෙනෙකුටම දියුණු වීමේ අවස්ථාවක් තියෙන බවත් අපි වැටහීමෙන් වාසය කරන්ට ඕනැ. අන් අයට දියුණු වෙන්ට පුළුවන් දියුණු වීමේ අවස්ථාවක් තියෙනවා කියල කල්පනා කරන්න. එතකොට එපමනින්ම එයා තුළ ගුණවත් බවක් තියෙනව.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි

No comments:

Post a Comment