Wednesday, July 20, 2016

       පොසොන් පුර පසළොස්වක පොහොය දිනය         



අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. අද අප ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන්ට අති උදාරම දවසක්. මේ රටට ධර්මයේ ආලෝකය උදාඋණු උතුම්ම දවස තමයි මේ පොසොන් පුර පසළොස්වක පොහොය. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර අපායට වැටි වැටී යන ගමන නවතාලන්නට මහා පවුරක් සේ පැන නැඟුණු අප ශාන්ති නායක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය රැගෙන මහා මහින්ද මහරහතන් වහන්සේ දඹදිව සිට මෙරටට වැඩම කළේ අද වගේ උතුම් දවසක.එදා මේ රටේ රජකම කළේ අපි කව්රුත් නම ඇසූ පමණින් දන්න දේවානම්පියතිස්ස රජතුමා. අපි දැන් විමසා බලන්න ඕන එදා පොසොන් පොහොය දා සිදුවූ ඒ අසිරිමත් සිදුවීම පිළිබඳව. ...See more